මේ ඉර හඳ යට – තෙවන දිගහැරුම

චින්තන කුස්සියට ආවේ අනෝමාත් මේරි ත් රාත්‍රී ආහාරය දීසි වලට බෙදමින් සිටින විටය.


“අයියටයි අක්කටයි රූම් දෙක පෙන්නුවද පුතා?“


“ඔව්. මම කිවුවා වොෂ් එකක් දාගෙන පහළට එන්න කියලා. තව ටිකකින් ඒ දෙන්නා ඒවි. කෑම හරිද අම්මා?“


“ඔව්. මේ දීසි ටික ඉස්සරහ ටේබල් එකෙන් ගිහින් තියන්න උදව් කරන්න පුතා. මේරි අම්මා පපඩම් ටික බදිනකම්“


“ඈ පුංචි මහත්තයෝ… අර ආපු සුදු බේබි කොහේ එක්කෙනෙක්ද?“ මේරි අම්මා චින්තනගෙන් ඇසුවේ අනෝමා කුස්සියෙන් පිටව ගිය පසුය..

(more…)

මේ ඉර හඳ යට – දෙවන දිගහැරුම

“මෙහෙ ගියපාර එනකොට තිබුණාට වඩා සෑහෙන්න වෙනස් වෙලා මාමා..“ ලෝචන පැවසුවේ වාහනයේ වීදුරුවෙන් කොළඹ නුවර පාර නිරීක්ෂණය කරමිනි.
“ඒකනම් ඇත්ත. පහුගිය කාලේ රටේ පාරවල් ටිකනම් සෑහෙන්න හැදුනා. කොළඹ නුවර පාර සෑහෙන්න පළල් කරලා හොඳට කාපට් කරලා තියෙන්නේ. එච්චර මහන්සියක් නැතුව දැන් ගමනක් යන්න පුලුවන්“
“අපි ගෙදර යනකොට කීය විතර වේවිද මාමා? “ අමන්දා ඇසුවේ පසුපස අසුනේ සිටය.
“මගදී බ්ලොක් එකක් අහුවුනේ නැත්තම් නවය විතර වෙනකොට යන්න පුලුවන්. ඇයි දුව මහන්සි ද?“

(more…)

මේ ඉර හඳ යට – පළමු දිගහැරුම

නින්දත් අඩ නින්දත් අතර සිටි ලෝචන ඇහැරුණේ තරමක් උස් හඬින් ඇසුණු එලාර්ම් සද්දයක් නිසාය.
“සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි, මහත්වරුනි, මේ ඔබේ කපිතාන් ඇලෙක්ස් වින්ෆීල්ඩ්. අපි තව විනාඩි තිහක් ඇතුළත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බසිනවා. ඔබ සැම පිළිගන්න මේ වෙලාවේ එහි පවතින්නේ වැසි රහිත සෞම්‍ය කාළගුණයක්. අපිත් සමග ගුවන් ගමනේ යෙදුන ඔබ සැමට සුභ දවසක් ප්‍රාර්ථනා කරන අතර, යානාව ගොඩබැස්වීම සඳහා ගුවන් සේවිකාවන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටිනවා.“

(more…)